Posts

Image
මංමුලා වූ සමනළියක  තද මෙරුම් පාටින්  සුදු නෙළුම් මල් ඇදපු  මෙහෙන්දි හේදිලා ගිහිං  ක්ලොරීන් වතුරට සුදු පිච්ච මල් පිපුණු  රතු පාට රැලි ගව්මේ  අවාරෙට මල් හැලිල  සායමුත් ගිහිං අළු මතින් යන්තමින්  පෙර මතක ඇහිදිමින්  ඩයිරියේ කොනක ලිවූ  පෙම් කවිය ගිනි අරං දෙයියෝ ඉන්නෙත්  කෙළවෙනකං බලං  දේවාලේ වටේටම  පඩුරු ගැට ගහනකං  හත්පෙතිය මල් තියපු  පලතුරු වට්ටි ගේනකං පෙති හතේ මල් මොටද  සුදු හදුනෙන් දුං අල්ලපු  නියගලායි කනේරුයි  මැහිතෙලුයි කඹේකුයි  බුලත් කොළ හතක උඩ  තියං ගෙනියනවා මං
Image
මිදුණු මතක   පුරා දහතුන් වසක් එපිටදී  දිරපු පොල්ලතු පන්තිකාමරයක  එකම පැන්සල දෙකට කඩලා  එක්සයිස් පොත් පිරෙව්වා . පතුරු ගැලවුණු මේසයක් උඩ  මල් අකුරු පොදියක් හලාගෙන  අකුරු අමුනපු කටු ඔටුන්නක්  පැය ගණන් අපි පාට කෙරුවා. ජිවිතේ සුන්දරම දින වල  පාන්දර ඉර බඩට දැනෙනකොට කාටත් හොරෙන් අඹ ගහ අද්දර  උබේ බත් මුල බෙදන් කෑවා  එකොළහේ පන්තියේ අවසාන හරියේදී  නිමලෑ ගල් බෝරේට අම්මා අහුවෙද්දී  හත් දවස් නිදිමරාගෙන උබ  ලගින් හිටියත් මතකයි මචං. උත්තරත් නැති ප්‍රශ්න ගොඩ  උඩ කට්ට කාගෙන ගොඩදාගත්තු  ඕලෙවල් විභාගෙන් පස්සේ මම  කාඩ හුළගට හුරු උනා . ආමි ඇදුමට යන්ට කලියෙන්  වස්සාන නිමාවට කලින් දවසක  බිස්ටල් එකට තට්ටු කර කර  එළිවෙනකන් අපි අළු කැඩුවා. මහ බරැති දුකඳුළු පොදිගෙන  පුරා දහතුන් වසක් මෙපිටදී  පිටකොටුවෙ දුම් කදුළු අතරින්  යන්තමට මම උබව දැක්කා . සිසිර සුළගට අත් බදින හැටි  ඈත තියලම බලන් උන්නා  දෙකට වෙන්වුණු එකම...
Image
අභිසාරිකාවකගේ දිනපොත කැළණි පාලම පාට වතුරෙං ලැයිමේ දාඩිය පේනවා  කළු වෙච්ච කහපාට මල් ටික හැටේ වත්තෙන් බෙදනවා පොඩි එකාගේ බඩේ සද්දේ තාම හවහට ඇහෙනවා ගංගාරාමෙන් ඇහෙන කවි බණ සද්ද නැතිවම මැකෙනවා පිටකොටුව ලග බෝධියේ හෙවනැල්ල ඉදහිට නිවෙනවා නයිට් ක්ලබ් වල හීන් කෙදිරිය උබේ පිටිකිරි ගේනවා.. උබත් එහෙමම නිදනවා මටත් ඉදහිට ඇඩෙනවා.. වැස්ස දවසට ටකටමේ බෝල් තනුව තාලෙට වැයෙනවා හිතේ හිරවුණු මගේ කවි ටික තහඩු අතරින් ඉහෙනවා රෙදි ගහපු දොර ලෑලි අතරිං හද එලිය විත් පෙරෙනවා කිරි ඉද්ද මල් කදුලු පුරවන් තවම දොරකඩ අඩනවා කැලනි කලු ගග හීන පොදිබැද තවම පහලට ගලනවා පොටි දමා ටිංකරිං කල යුතු හදහනෙත් ඇද තියනවා උබත් එහෙමම නිදනවා මටත් ඉදහිට ඇඩෙනවා..
Image
උබ ගේ කාරයෙක්ද ? ලෙස්බියන් එකියද්ද? නැත්නම් පොන්නයෙක්ද ? හරුකි මුරකාමි. කව්ද ඒ??? ජපන් නවකතාව ලෝකයටම විවර කල සුපිරි චරිතයක් තමයි. නූතන ජපන් සාහිත්‍යයේ පුරෝගාමී ලේඛකයා තමයි මුරකාමි. එයා කියන විදිහට සත්‍යය පවතින්නේ සීමා තුල ගාල් කල මානව භාෂණ ලෝකයෙන් පිටස්තරවයි. මිනිහ ලියනව පොතක් "kafka on the shore" කියල. ඒකෙ සිංහල පරිවර්තනය ගාමිණී වියන්ගොඩ ගේනව කෆ්කා මුහුදු වෙරලේ කියල. කොහොමද කෙනෙක් සාමාන්‍ය කෙනෙක් තව කෙනෙක් ලෙස්බියන් කෙනෙක් තව කෙනෙක් ගේ කාරයෙක් වෙන්නෙ. මෙහෙම හිතන්න මේ ලෝකෙ මනුස්සයො තුන් දෙනයි ඉදල තියෙන්නෙ. එකෙක් තමයි පිරිමි පිරිමියා. ඒ කියන්නෙ පිරිමි දෙන්නෙක්ගෙ අවයව වලින් හැදුන එක පිරිමියෙක්. තව කෙනෙක් ඉන්නව ගැහැනු ගැහැනු. ගැහැනු දෙන්නෙක්ගෙ අවයව වලින් හැදුනු එක ගැහැනියෙක්. අනිත් කෙනා තමයි ගැහැනු පිරිමියා. එයාව හැදිල තියෙන්නෙ ගැහැනු කෙනෙක්ගෙ අවයවයි පිරිමි කෙනෙක්ගෙ අවයවයි එකතු වෙලා. දැන් උබ කැමති උබ කව්රු වෙලා හිටියටද? උබ කොල්ලෙක් නම් කියයි පිරිමි පිරිමියා වෙලා හිටියනම් හොදයි කියල. කෙල්ලෙක් නම් කියයි ගැහැනු ගැහැනු වෙලා හිටියනම් හරි කියල. එතකොට අනිත් එකා ගැහැනු පිරිමියා වෙ...
Image
"ඇමතිකම් දීපන් ළමේකුට" පට්ට ආතල් බුකියම  යුද්ධෙ ඉවරයි මචං  දැන් ගහමු තම්බින්ට. මෝඩ ළමයෝ..!! ඕකම තමයි ත්‍රිල් එක,, ලැයිමේ ටකරම අස්සෙ ඩයනා හිනාවෙන එක ! බියර් ටින් අස්සේ යකඩ කෑලි හොයන එක ! ටොනික් මුඩි අස්සේ බයිට් හොයන එක ! අඩන පොඩි එවුන් නලවන්න  සිංහල නෝනලා ඉංග්‍රීසි කවි කියනකොට  උබ ආසයි නේද අහන් ඉන්න ලේ උනපු උගුරු වල ගොර සද්ද  අවුරුදු ගානක් කට්ට කාගෙන  පුල්ස්කැප් පුරෝනවට වඩා  සෙවල කෑලි උඩු තොලේ හප්පෙද්දී  මඩ පාට වතුර බොන එකයි රහම කුරුදුවත්තේ ලොකු නෝනලා  පොඩි උන්ට පවුඩර් දානකොට  උබේ රෝස කම්මුල් දෙකේම  මලකඩ වදිද්දි යි ආතල්ම මං දන්නව පොඩ්ඩෝ  උබට උහුලන්න අමාරුම නාස් පොලු කඩාගෙන යන  ඕඩිකොලෝන් සුවද
Image
                                                                              තමිලා. යුද්දෙ දින්නා අම්මේ...!! මගෙ කැඩිච්ච කටහඩ ටෙලිපෝන් වයර් දිගේ බංකරේ වහලෙ ඇතුලෙන් රත්නපුරේ කදු පාමුල ලස්සන පුංචි ගෙදරක මගෙ රත්තරන් අම්මාට ඇහෙන්ඩ ඇති.... සමහර දවස්වල.. හැන්දෑවේ මහ රූස්ස ගස් ගාව මලමිනී ගොඩගහද්දී මගෙ අම්මගෙ සුවද මතක් වෙලා අස් වලට කදුළු උනනවා . අම්මේ !! මම ආයෙමත් කෑ ගැහුවා "අනේ මයෙ පුතේ...!" අම්මා අඩනවා... "අඩන්න එපා අම්මේ දැන් හැමදේම ඉවරයි " අම්මා අඩපු මා සිනාසුනු අවස්තාවකට මතකයට ඇත්තේ එපමනකි... මීට පෙර අවුරුදු විසි හයකට පෙර මා අඩද්දී අම්මා සිනාසෙන්නට ඇත... ඉදින් දැන් වස්සානය කොටුවේ ඉදල යාපනේ බස් එකේ එනගමන් වෙන්න ඇති. එම කාල වකවාණුව මගේ ජීවිතේ එක්තරා කඩයිමකින් පසු වෙනස් මාවතකට හැරීමක් බදු විය. . අවසානයක් සොයා ගිය මට ලැබුනේ තවත් ආරම්භයක් පමණි. ඒ නිවාස අහිමිවූවන් නැවත පදිංචි කිරී...
Image
                                                      මරක්ක ලේ ... "මේක උනේ හුගාක් ඉස්සර කාලේ... " "ඔයාවත් මමවත් ඉපදිලා නෑ..." "මේ මහවැලි ගග මේ විදිහටම ගැලුව ඉස්සරත්. මේ කන්දත් තිබුනා. මේ ගස් තිබුනේ නැ , ඒ වෙනුවට වෙන ගස් තිබුනෙ" . "මේ මිනිස්සුත් හිටියේ නැද්ද ? "ඇය ඇසුවාය."නෑ නෑ ඒ කාලේ මේ අයගේ ආච්චිලගේ ආච්චිලගේ ආච්චිලත් නෑ..." "ඔන්න ඔය කාලේ අදට අවුරුදු හාරසීයකටත් වඩා ඈතයි". ඒක මේ ගග හිදිච්ච අගෝස්තු මාසයක්.  ගගට එහා ඉවුරෙ පේන කන්දේ තිබුනා මහනුවරට යන්න පාරක් . කිව්වේ ගල්පඩිහෙළ කියල . "අර මීදුම තියන කන්දේ?? " දැරිය අසයි. "ඔව් ඔව් අගෝස්තු මාසෙට මීදුම නෑ ". දැරිය දෑස් වසා ගත්තාය .  "අන්න හරි ඇස් වහගන්ඩ" .  ඔයාට පේනවද මනුස්සයෙක් අස්සයෙක් පිටේ නැගල එනවා . ඔව් ඔයාට පේනවා අස්සයා එන්නේ අමාරුවෙන්. ගල්පඩි පැල්ලමක් බහින්න බෑ වේගෙන් අස්සයෙකුට.  "ඒ අස්සයා කළුද ?" දැරිය තමාගේ හිනා රූපය හදමින් සිටියාය ."අන්න හරි කලුයි "....