මංමුලා වූ සමනළියක
තද මෙරුම් පාටින්
සුදු නෙළුම් මල් ඇදපු
මෙහෙන්දි හේදිලා ගිහිං
ක්ලොරීන් වතුරට
සුදු පිච්ච මල් පිපුණු
රතු පාට රැලි ගව්මේ
අවාරෙට මල් හැලිල
සායමුත් ගිහිං
අළු මතින් යන්තමින්
පෙර මතක ඇහිදිමින්
ඩයිරියේ කොනක ලිවූ
පෙම් කවිය ගිනි අරං
දෙයියෝ ඉන්නෙත්
කෙළවෙනකං බලං
දේවාලේ වටේටම
පඩුරු ගැට ගහනකං
හත්පෙතිය මල් තියපු
පලතුරු වට්ටි ගේනකං
පෙති හතේ මල් මොටද
සුදු හදුනෙන් දුං අල්ලපු
නියගලායි කනේරුයි
මැහිතෙලුයි කඹේකුයි
බුලත් කොළ හතක උඩ
තියං ගෙනියනවා මං

Comments
Post a Comment