තමිලා.

යුද්දෙ දින්නා අම්මේ...!!
මගෙ කැඩිච්ච කටහඩ ටෙලිපෝන් වයර් දිගේ බංකරේ වහලෙ ඇතුලෙන් රත්නපුරේ කදු පාමුල ලස්සන පුංචි ගෙදරක මගෙ රත්තරන් අම්මාට ඇහෙන්ඩ ඇති....
සමහර දවස්වල.. හැන්දෑවේ මහ රූස්ස ගස් ගාව මලමිනී ගොඩගහද්දී මගෙ අම්මගෙ සුවද මතක් වෙලා අස් වලට කදුළු උනනවා .
අම්මේ !! මම ආයෙමත් කෑ ගැහුවා
"අනේ මයෙ පුතේ...!" අම්මා අඩනවා... "අඩන්න එපා අම්මේ දැන් හැමදේම ඉවරයි "
අම්මා අඩපු මා සිනාසුනු අවස්තාවකට මතකයට ඇත්තේ එපමනකි... මීට පෙර අවුරුදු විසි හයකට පෙර මා අඩද්දී අම්මා සිනාසෙන්නට ඇත... ඉදින් දැන් වස්සානය කොටුවේ ඉදල යාපනේ බස් එකේ එනගමන් වෙන්න ඇති.
එම කාල වකවාණුව මගේ ජීවිතේ එක්තරා කඩයිමකින් පසු වෙනස් මාවතකට හැරීමක් බදු විය. . අවසානයක් සොයා ගිය මට ලැබුනේ තවත් ආරම්භයක් පමණි.
ඒ නිවාස අහිමිවූවන් නැවත පදිංචි කිරීමේ කාල සමයයි.
----------------------------------------------------------------------------
අප කාගේත් දුවන්නේ එකම ලෙයක් බව තේරුම් නොගන්නා තාක් මෙය තාවකලික විරාමයක් පමණකි. යුද්ධය අවසන්ව නැත . සැබවින්ම ඇත්තේ යුධ විරාමයකි. ජාතිවාදීන්ට ආගම්වාදීන්ට මතක් කර දෙන්නට ඇත්තේ එපමණකි..
.
"වරෙන් යන්න!".. කොස්තා මට අනිනකොට උගේ පස්සෙන් වැටෙයි ....
"නිතර නිතර කල්පනාවට වැටෙන්නේ යුද්ධ කාලයේ අනන්තවත් කන ලග පුපුරපු මෝටාර් කෑලි හින්දලු බං .!".
වෙන එකෙක් කියනවා මං දවසක් අහන් හිටියා.


ට්‍රේනින් එකේ ඉදල වැඩ කරනකන් ලගම හිටිය බොක්කේ ෆිට් එක රංග...
එක මූසලම දවසක උගෙ ඔලු කට්ට හිල් වෙන්න ශොට් එකක් වැදුනු තැන අද ගෙදරකුත් හැදෙනවා .
සමහර විට පස්සේ දවසක රංගගෙ ඔලුව කුඩු වෙච්ච වෙලේ ඌ ගැහි ගැහී ලේ විද්ද තැනම නිදන කාමරයක් හැදේවි..
උගේ ලේ පොලොව මතම තවත් පිරිසක් හිනාවෙවී බොන්ඩ ගනී ... අලුත බැදපු දෙන්නෙක් ආදරේ විදියි , පොඩි කිරිකැටියෙක් හිනවෙවී ඉදී ..රතුම රතු උනුසුම් ලේ ගොඩ උඩ රංගයා මැරුනු තැන රැකගන්න අද මට කරන්න පුළුවන් කිසි දෙයක් නෑ.. උගෙ ස්මාරකයක් හදන්ඩවත් ,, ඌ අපෙන්ම ජන්දෙ අරන් අපිටම කෙල ගහන ඇමතියෙක් නෙමේ , ජාති වාදය රකින්නට කෑ ගහන පොරකුත් නෙමේ , කොටින්ම ඌ ඉගෙනගත්තු එකෙකුත් නෙමෙයි . ඌ කරපු එකම දේ රට වෙනුවෙන් කොටි හත අටක් බාවල ඔලු කට්ට හිල් වෙන්න බුලට් කාපු එක විතරයි .
"ඒ මදි රංගේ මේ දුපතේ වීරයෙක් වෙන්ඩ"
රංගේ උබලව මතක් වෙන්න මේ ලංකාවෙ කොහෙහරි තැනක යකඩ ගොඩක් හරි ගල් කෑල්ලක් හරි හදයි . අන්න එකේ උබේ නමත් පොඩියට කොහෙන් හරි අස්සකින් ගහයි.


හ්ම්ම් ....තල්වැට අලුතින් පන ගහල ! ඔව් දැන් තමා හොදම කාලේ.
අවුරුදු ගානක් නියගෙට අහුවෙලා ....සේරම කොල බිමට හැලිලා ...මලගමක් වෙලා තිබ්බ .ගස් වැල් ..ආයි හුස්ම ගන්න පටන් ගන්න කාලේ......!!
පාන්දර ලා තැඹිලි පාට ඉර එළිය.. තල්වැට පෙමින් වෙලාගෙන ..
හිඩැස් අතරින් පෙරෙන්නේ වැඩි වෙච්ච ප්‍රේමය. ඒවට තල් වැට ඉඹින්න අයිතියක් නෑ .....

නයිට් ඩියුටි ඕෆ් වෙලා කෑම්ප් එකට යන හමුදාවේ අපේ උන් ගුරු පාර දිගේ පරන ලදරං බයිසිකල් වල ගාටනකොට "කිරි කිරිස්" ගානවා.
"අඩෝ පට්ට කෑල්ලක් බැහැල බං! "
"තුනේ කණුවේ" ..
"කෙලවරේම ගෙදර"...අජී බයිසිකලේ අප පසු කරන විට ලැගේජයේ ඉදල මට හිනාවෙවී කියනවා . හදපු ගෙවල් අපි අදුරගත්තේ එහෙම.. මට මතක මාත් එතකොට ලාවට හිනාවුණා විතරයි ,,
ඩියුටි වැටිල තිබ්බෙ අජී කියපු තුනේ කණුවටමයි ...එකත් අහම්බයක් වගේ ..
මට පැවරිලා තිබ්බේ ගෙවල් ලග මිදුල් හරියට හදල දෙන එක .
බුලට් වැල් , වෙපන් වෙනුවට.. උදැලු මන්නා කැති මගෙ අතේ තිබ්බ කාලයක් ඒක .
ඒක ඇත්තටම මට සහනයක් !
දවල් කෑමෙන් පස්සේ හවස් වෙනකොට දෙමළ පවුල් වලින් පොඩියට තේ කහට ටිකක් ලැබෙනවා . ඒත් සමහර දවස් වලට එකත් නෑ
අජී කියපු පට්ට කෑල්ල මා නොදින් හදුනන යෙහෙලියක් බවට පත්වීමට වැඩි කලක් ගියේ නැත. නමින් තමිලා වූ ඇය සැබවින්ම ලස්සන තලෙළු කෙල්ලෙකි.
"තලෙලු පාටට හැන්දෑවෙ ඉර එලිය වැටෙද්දියි ලස්සනම"
" ඊටත් වඩා මෙහෙන්දි ඇන්ද අත්ලෙන් කහට තේකක් ලැබෙද්දියි රහම. " තමිලාගේ පොඩි නංගි ඇය මා අසල සිටිනවිට නිතර විහිලු කරයි. එය සිදුවන්නට ඇත්තේ මා වරින් වර ඇය දෙස බලන නිසා වන්නට ඇත...සැබවින්ම එය ආදරණිය කාලයකි.
මාසේ පෝය පහුවෙලා සතියයි එතකොට. ලොකු අක්කාගෙන් කෝල් එක එනකොට හැන්දෑවේ හයට විතර ඇති.
"අනේ මල්ලියේ අම්මා ...!!" අක්කට කතාකල හැකිව තිබුනේ එපමණකි..
සිදුව ඇති දේ තේරුම් ගතිමි.
මගෙ රත්තරං අම්ම ගිහිල්ල තිබුණා!
ඇතැම් විට මා එයට සුදානම්ව සිටින්නට ඇත. 
අතොරක් නැතිව වැටුණු කදුළු එක්ක මං පාන්දරම රත්නපුරේ ගියා...
සුදු සාරියක් ඇදගෙන අම්මා නිදාගෙන උන්නා ..
අක්කා මාව බදාගෙන ඇඩුව..
"අම්මගේ සුවද මට අක්කගෙනුත් දැනුනේ එවෙලෙ"
-------------------------------------------------------------------------------------------------------------------------------------------
හත්දවසින් පස්සේ මං ආපහු ගියා.හිතේ මහ වේදනාවකුත් එක්ක ..
තුනේ කණුවේ තමිලා ඒ හැම දුකක් අස්සෙම සැරෙන් සැරේට මතු වේවි පෙනුනා!!
කියාගන්න බැරි මහ දුකක් හිතේ කිමිදිලා තිබුනා............. කොහොමත් එදා ඩියුටි වැටුනෙත් නෑ
හැන්දෑවේ මං තමිලා බලන්න ගියා.
එක පට්ට වේස හැන්දාවක් .. ඉරත් රවාගෙන උන්නෙ .
හද පළුවක් වත් තිබ්බේ නෑ පෙන්න ..ලදරන් බයිසිකලේ "කිරිස්" ගානකොට ගස් අතරින් හුලං ගහල බැනියම උස්සනව.. උන් ඔක්කොම මගෙ හරහට.
තමිලගෙ ගෙවල් ඉස්සරහින් බයිසිකලේ හේත්තු කරනකොට පොඩි එකී පිළිකන්නේ ඉදං බලන් උන්නා.
ඒකිගෙ මුනේ හිනාවක්වත් නැ..
කෝ තමිලා කියනකොට ඒකි ගෙට දිව්වා..මං පිලිකන්නෙම ඉදගත්තා. මගෙ දුක කියන්ඩ හිටියෙ තමිලා විතරයි . මගෙ හිතෙත් එකී විතරයි.
තමිලා !!!
මං කෑ ගැහුවා.
එකී මං දිහාවත් නොබලා ඇවිල්ල ඉද ගත්තා . බාගෙට හේදිච්ච මෙහෙන්දි අතර ඉරයි හදයි ඇදල තිබ්බා . තව මලකුත් එක්ක.
තමිලා ඉකි ගහන්න ගත්ත. අම්ම යන්න ගිය බව තමිලට කියන්ඩ ඇති අපේ උන් !
තමිල ඉකි ගගහ ඇඩුව!!
කම්මුල් දිගේ බේරෙන කදුළු එකී පිස්සෙවත් නෑ
ඇයි අඩන්නේ ?
මට අහන්ඩ තිබ්බේ එච්චරයි! උබවත් මමවත් හැමදාටම මේ ලෝකේ ජිවත් වෙන මනුස්සයෝ නෙමේ මට ඒ දේ කියන්ඩ හිත දුන්නෑ .. අම්ම තව කාලයක් ඉන්න තිබ්බා ඒක මං දන්නවා ..!
"කො.හෙ.ද.. ගිහිං ..හිටි.යෙ ?"
ඉකි ගගහ කැඩෙන වචන එක්ක එකී මගෙන් ඇහුව ?
"මොකද උනේ ඇයි අඩන්නේ" මං රත්තුනේ එතකොට..
"උන් මාව විනාස කලා .. උන් මගේ හැමදේම උදුර ගත්තා . මං උබ එන්න කිව්වා හින්ද ආවේ මං ..
උබෙම කට්ටිය පෙරේදා රෑ මගේ ජිවිතේ විනාස කළා යකෝ උබ දන්නවා නේද කියපං මට කියපන් ...
මට කියපන් ... !!!!"
තමිලා සිමෙන්ති පොලොව බදාගෙන ඇඩුව..
ලේ නහර කඩාගෙන ආපු කදුළු සිමෙන්ති පොළොවේ දියඋනා.
හැට්ටේන් කැඩිච්ච කළු පාට බොත්තමක් පොළොවේ කැරකිලා මගෙ කකුල ලග නතර උනා
කාලකන්ණි අසමජ්ජාති හැත්ත මගේ තමිලගෙ ජිවිතේ විනාස කරලා තිබ්බ .. ලස්සනට තමිලව රවට්ටගෙන ගෙන්නගෙන තිබ්බා..ඒකත් මගෙ නම කියලම ...
ඒ අපේම උන් යකෝ අපේ ලේ තියන උන් !! ...
බාගෙට වැහිච්ච වේස හද පාළුවක් ඈතට වෙලා බලන් උන්නා
මට කෑම්ප් එකට ආවවත් මතක තිබ්බේ නැ..
දවස් ගානක් ඇතුලත මේ අපරාදේ කරපු උන් හොයාගත්තා.
උන්ගේ හය දෙනෙක් උන්නා ..
කාලකන්ණි වේස බල්ලෝ හයක්!!
ස්ටොක් එකෙන් උස්සපු බුලට් ටික ගත්තේ ගණන් කරේවත් නැතුව..
කිසි කෙනෙක්ට නොතේරෙන ගේමක් ගැහුවා ..
මං බලාගෙන හිටියෙ ඒ දවස වෙනකං
ඔව්..!
ඔව් !! ඒ දවස ආව !!
එකෙක්වත් ඇරියෙ නෑ . රැයක් එළිවෙනකොට හය දෙනාටම තිබ්බා .. .
එකෙක් පොළොවේ පස් කකා ඇඩුව
"මට සමාවෙයන්
"අනේ මට සමාවෙයන්" ..ඒ කාලකන්නියා ඒක දාස්වතාවක් මතුරන්න ඇති.
කට වහපිය වේසිගෙ පුතා!!
එතනින් එහාට වෙඩි සද්දේයි වෙඩි බේත් ගදයි විතරයි .
ඌ කියපුවත් මට ඇහුනෙවත් නෑ ..උගේ අම්ම අසනීපෙන් හිටිය කියපු කතාවක් පස්සේ මතක් වෙලා පපුව අස්සේ ලේ කැටියක් එක්ක හිරවුණා..
එදා රෑම මම පැන්නා
මාසේ පඩිය කවරෙක දාල තමිලගේ ගේ ඉස්සරහින් තිබ්බා....

Comments

Popular posts from this blog