"ඇමතිකම් දීපන් ළමේකුට"
පට්ට ආතල් බුකියම
යුද්ධෙ ඉවරයි මචං
දැන් ගහමු තම්බින්ට.
මෝඩ ළමයෝ..!!
ඕකම තමයි ත්රිල් එක,,
ලැයිමේ ටකරම අස්සෙ ඩයනා හිනාවෙන එක !
බියර් ටින් අස්සේ යකඩ කෑලි හොයන එක !
ටොනික් මුඩි අස්සේ බයිට් හොයන එක !
අඩන පොඩි එවුන් නලවන්න
සිංහල නෝනලා ඉංග්රීසි කවි කියනකොට
උබ ආසයි නේද අහන් ඉන්න
ලේ උනපු උගුරු වල ගොර සද්ද
අවුරුදු ගානක් කට්ට කාගෙන
පුල්ස්කැප් පුරෝනවට වඩා
සෙවල කෑලි උඩු තොලේ හප්පෙද්දී
මඩ පාට වතුර බොන එකයි රහම
කුරුදුවත්තේ ලොකු නෝනලා
පොඩි උන්ට පවුඩර් දානකොට
උබේ රෝස කම්මුල් දෙකේම
මලකඩ වදිද්දි යි ආතල්ම
මං දන්නව පොඩ්ඩෝ
උබට උහුලන්න අමාරුම
නාස් පොලු කඩාගෙන යන
ඕඩිකොලෝන් සුවද
Comments
Post a Comment