මරක්කලේ ...
"මේක උනේ හුගාක් ඉස්සර කාලේ... "
"ඔයාවත් මමවත් ඉපදිලා නෑ..."
"මේ මහවැලි ගග මේ විදිහටම ගැලුව ඉස්සරත්. මේ කන්දත් තිබුනා. මේ ගස් තිබුනේ නැ , ඒ වෙනුවට වෙන ගස් තිබුනෙ" .
"මේ මිනිස්සුත් හිටියේ නැද්ද ? "ඇය ඇසුවාය."නෑ නෑ ඒ කාලේ මේ අයගේ ආච්චිලගේ ආච්චිලගේ ආච්චිලත් නෑ..."
"ඔන්න ඔය කාලේ අදට අවුරුදු හාරසීයකටත් වඩා ඈතයි". ඒක මේ ගග හිදිච්ච අගෝස්තු මාසයක්.
ගගට එහා ඉවුරෙ පේන කන්දේ තිබුනා මහනුවරට යන්න පාරක් . කිව්වේ ගල්පඩිහෙළ කියල .
"අර මීදුම තියන කන්දේ?? " දැරිය අසයි.
"ඔව් ඔව් අගෝස්තු මාසෙට මීදුම නෑ ".
දැරිය දෑස් වසා ගත්තාය .
"අන්න හරි ඇස් වහගන්ඩ" .
ඔයාට පේනවද මනුස්සයෙක් අස්සයෙක් පිටේ නැගල එනවා . ඔව් ඔයාට පේනවා අස්සයා එන්නේ අමාරුවෙන්. ගල්පඩි පැල්ලමක් බහින්න බෑ වේගෙන් අස්සයෙකුට.
"ඒ අස්සයා කළුද ?" දැරිය තමාගේ හිනා රූපය හදමින් සිටියාය ."අන්න හරි කලුයි ". අස්ස ධේනුවක්.....
ඊට හැතක්මක් විතර ඈතින් ඔය එන්නේ අස්ස සේනාවක් . "තුවක්කු අරං" 'පේනවද ?'
කොයි හරියේද ?' දැරිය අසයි .
"කන්ද උඩ ", "පෘතුග්‍රීසි සේනාවක්".
"අර ලංකාව අල්ලගන්න ආපු අය. ඔය ඉස්සරහින් එන මනුස්සයා සිංහල . බොහොම උසයි . රැව්ල වවල. ඔයාට පේනවා ඇති ඇදුම් වලින් උනත් . නිකම්ම මගියෙක් නෙමේ'".
ඇය කතාව නවත්වා කුඩා දැරියව විමසිලිමත් කළාය ..
"වෙඩි සද්දේ ඇහුනද කන්ද උඩින්?" . සැබවින්ම අකුණක් ගසමින් තිබු අතර ,කුඩා දැරිය ඈට තුරුලු වුවාය.
" ඇහුනා !! "
"පෘතුග්‍රීසි සේනාව එයාට වෙඩි තියනවා. එයා බේරිලා පැනල එන්නේ අපේ ගම දිහාට( මුස්ලිම් ගම්මානයක්) .අන්න එයා අස්සයත් එක්ක වතුරට බැස්සා . අස්සයට වතුරේ වේගෙන් යන්න බැ. මෙන්න මෙයා අස්සයා පිටින් බහිනවා . අස්සයත් ඇදගෙන වතුර දිගේ යනවා ඔයාට පේනවද ?ඒ වෙනකොට පෘතුග්‍රීසි සේනාව හිටියෙ ගං ඉව්රේ . වෙළඹට හොදටම හති . එයා වතුර ටිකක් බොන්න බෙල්ල පාත් කළා . එතකොටම ආවා වෙඩි පාරක් . වැදුනේ වෙළඹගේ කකුලට . එයා කෑ ගැහුවා හයියෙන්ම ...
"පෘතුග්‍රීසි සේනාව එයාට වෙඩි තියනවා. එයා බේරිලා පැනල එන්නේ අපේ ගම දිහාට( මුස්ලිම් ගම්මානයක්) .අන්න එයා අස්සයත් එක්ක වතුරට බැස්සා . අස්සයට වතුරේ වේගෙන් යන්න බැ. මෙන්න මෙයා අස්සයා පිටින් බහිනවා . අස්සයත් ඇදගෙන වතුර දිගේ යනවා ඔයාට පේනවද ?ඒ වෙනකොට පෘතුග්‍රීසි සේනාව හිටියෙ ගං ඉව්රේ . වෙළඹට හොදටම හති . එයා වතුර ටිකක් බොන්න බෙල්ල පාත් කළා . එතකොටම ආවා වෙඩි පාරක් . වැදුනේ වෙළඹගේ කකුලට . එයා කෑ ගැහුවා හයියෙන්ම ...
එයාගේ කකුලට වෙඩි වැදිලා තුවාල වෙනවා...
එයා ඇදගෙන වැටෙනවා ." එතකොට රජ්ජුරුවන්ට දුකයි"
""රජ්ජුරුවන්ට ""
එකවරම දැරිය විමතියෙන් ඇසුවාය .
" ඒ රජ්ජුරුවෙක්ද ?" ආ ඔව් එයා රජෙක් එය තමා දෙවන රාජසිංහ රජ්ජුරුවෝ"
ඔයා ඒ ගොල්ලෝ ගැන දන්නවද? ....ඈ හිස වැනුවාය.
"කමක් නෑ රජ්ජුරුවෝ කියන්නේ මිනිස්සුන්ගෙ ලොක්කා" ""හරි මං දන්නවා"
"කව්ද ?"
"මහා අක්බාර් රජ්ජුරුවෝ "
"අන්න හරි අන්න හරි "
ඉතිං රජ්ජුරුවෝ අස්සයා දාල යන්නත් බෑ නොයත් බෑ . එත් එයා අස්සයා දාල වතුරට බැහැල පීනුවා . පිනලා එගොඩ උනා .රජ්ජුරුවෝ තෙමිලා හොදටම . එත් එයා දුවගෙන ආවේ අපේ ගමට . එයා ආවේ ගමේ ආච්චි කෙනෙක්ගේ ගෙදරට (මුස්ලිම් ගම්මානයේ මුස්ලිම් කාන්තාවකගේ නිවසට ) රජ්ජුරුවෝ කිව්වා ආච්චියේ මාව බේරගන්න කියල, එතකොට ආච්චි ඇහුවා ඇයි කියල . එයා කිව්වා මාව අල්ලගන්න පෘතුග්‍රීසි සේනාවක් එනවා කියල. "
"උබ කව්ද?" ආච්චි ඇහුවා
"මම සිංහලයෙක් " රජ්ජුරුවෝ කිව්වා .
"ආච්චි පෙන්නුවා එතන තිබ්බ කොස් ගහ ".
ඕකට නැගල බෙනේට බහින්න එතකොට පේන්නෑ !!
රජ්ජුරුවෝ අඩි දෙකක් තුනක් නැගල බලන් ඉන්නවා . රජ්ජුරුවන්ට ගස් නගින්න බෑ. තවත් වෙඩිල්ලක් පත්තු උනා . ආච්චි අතුගාමින් හිටිය ඉලපත අරගෙන මෙහෙම කිවා . සිංහලයෙක් වෙලත් තොට බැරිද ගස් නගින්න .. තොට බැරිද ගස් නගින්න .. කියල ගැහුවා ඉදලෙන් කකුල් දෙකට .
"දැරිය හිනා උනාය" . එතකොට රජ්ජුරුවෝ නැග්ගද?"
නැග්ග නේන්නම් නැගල හැන්ගුනා බෙනේ ඇතුලේ .ආච්චි ඉක්මනට අතු ගාල අඩි පාරවල් වහල දැම්මා" .
ඔන්න සෙබළු අහනවා ඇවිල්ල, " නාකි ගෑනියේ මෙතනින් මිනිහෙක් දිව්වද ? " ආච්චි අම්ම නොතේරුනා වගේ හිටිය .
ආගමේ හැටියට බොරු කියන්නත් බැ . ඉතින් තරහ ගිය සෙබළු ආච්චිව මැරුව කඩුවෙන් ඇනල ...
"අනේ ආච්චී" .. දැරිය කම්පා උනා .......
ගමට අනිත් පැත්තෙන් තුවක්කු පත්තු වෙන හඩක් ඇහුනා.. පෘතුග්‍රීසිකාරයෝ හිතුවේ ඒ සිංහල සේනාව කියල. ඒ අය ආපහු පැනල ගියා .හොදටම හැන්දෑ උනාම රජ්ජුරුවෝ ගහෙන් බිමට බැස්සා . එතකොට එතනට ඇවිල්ල හිටිය මිනිස්සු අදුරගත්තා රජ්ජුරුවන්ව . රජ්ජුරුවෝ දැක්කා මියගිය ආච්චි . එයා ආච්චිව බදාගෙන ඇඩුව . එයාගේ අත්වල ඇගේ ලේ ගෑවුණා. රජ්ජුරුවෝ ලේ දැකල මෙහෙම කිව්වා .
' මා රැක්ක ලේ '
"ඔන්න ඔහොමයි 'මරක්කලේ ' නම හැදුනේ කියලා අපේ අය කියන්නේ"ඔයාට තේරුනාද ? "
" වෙඩි තිබ්බ සිංහල හමුදාව ගමට ආවද ? "" නෑ වෙඩි තිබ්බේ ඒ අය නෙමේ . අපේ ගමේ තුවක්කුකාරයෝ ."
"හද පලුව තනි තරුව"
නිශ්ශංක විජේමාන්නයන්ගේ 2017 ස්වර්ණ පුස්තක සම්මානය දිනූ විශිෂ්ටතම නවකතාව මෙයයි
"මේ රටේ සිංහල මනුස්සයටද දෙමල මනුස්සයටද මුස්ලිම් මනුස්සයටද මැලේ බර්ගර් මිනිසුන්ටද ඇත්තේ එකම රතු ලෙයකි.
අදහන ධර්මතාව කෙසේ විනා රටක් වශයෙන් ජිවත් වන්නට නම් ,, මොහොමඩ් උබටද සිරිමල් උබටද හුස්ම ගත යුතුය.
හුස්ම කාටත් පොදු බව තරයේ මතක තබා ගත යුතුය.
වැටුණු වලෙන් ගොඩ එන්නට මන්න කැති අරන් පාරට බහින්නට පෙර අමුඩේ ගොම සෝදාගෙන ඉදින්න යයි මතක් කර දෙන්නටද කැමතිය.
විසක් නසන්න විසකින් බැරිය. ඒ සදහා ප්‍රතිජිවකයක් අත්‍යවශ්‍යම කාලයකි මෙය.
හෙටක් තියෙන්නට එකාවන්ව සටන් කල යුතුව ඇති අතර උබ සිංහල මම මුස්ලිම්.. උබ මුස්ලිම් කඩෙන් කන්ඩ එපා ..උබ සිංහල උන් දැක්ක තැන කරලා කෙලගහපන්..කියනවා වෙනුවට" එක කොඩියක් යට මේ රට දියුණු කරන්නට එකතුවෙමු යයි " කියන උන් දකිද්දී සිතට දැනෙන්නේ සැබවින්ම ආඩම්බරයකි!!!
මුස්ලිම් මිනිස්සු පමණක් සිටින තැන ලස්සන නැත. සිංහල මිනිස්සු පමණක් සිටින තැනද ලස්සන නැත. මොහොමඩ් උබයි සිරිමල් මමයි හකුරු කෑල්ල බෙදාගෙන කහට තේකක් බොද්දී තියන ලස්සන වචනයෙන් විස්තර කල නොහැකිය. රටක් වෙනුවෙන් මරාගන්නටවත් ජාතියක් වද කර ජාතියක් බෝ කරන්නටවත් මේ කාලය නොවේ.
ලංකාවේ රුපියල අන්තිම බාල්දුය. ඩොලර් එක දැන් එකසිය පනස් ගණන්ය. රටින් බඩු ගෙන්වාද හමාරය. බුලත් ගොවියාද අන්ත අසරණව ඇත. සුද්දා හදපු රේල් පාර තවමත් එහෙම්මමය.. අලුතින් හැදුනු අදිවේගී මාර්ගයද තව අවුරුදු ගානක් යනකම්ම අපට හිමිවන්නේ නැත. අයිතිය වෙන රටක් සතුය. අනුරාධපුරේ පොඩි බණ්ඩා සියට පොහොර සහනාදරය දැන් හිමිවන්නේ බාගෙට කප්පාදු කරලාය. ඉස්සර කළු බුලත් දහදාහට යනකොට පෝර පැකට් එක එක්දාස් පන්සියය,, දැන් කළු බුලත් තුන්දාහට යනකොට පෝර පැකට් එක තුන්දාස් පන්සියය.මුස්ලිම් ප්‍රජාව දරුවන් හදනවා වැඩිනම් සිංහලේ කියල කෑගහන ලොකු අයියලට කියන්නට ඇත්තේ ඉතින් උබලත් හදපල්ලකෝ කියාය. මේකේ කැගහපු පමණින් ෆාතිමා අම්ම කෙනෙක් නොවී සිටිනවා යයිද ඇතැම් විට උන් සිතනවා විය හැකිය. නැතිනම් එක සැරයක් කලාවගේ දකින දකින උන්ව කපා කොටා මරාදමන්න සිතාගෙන ඉන්නවා නම් ලගදීම අපිට බඩු පැකට් ය."
Comments
Post a Comment