මරක්ක ලේ ... "මේක උනේ හුගාක් ඉස්සර කාලේ... " "ඔයාවත් මමවත් ඉපදිලා නෑ..." "මේ මහවැලි ගග මේ විදිහටම ගැලුව ඉස්සරත්. මේ කන්දත් තිබුනා. මේ ගස් තිබුනේ නැ , ඒ වෙනුවට වෙන ගස් තිබුනෙ" . "මේ මිනිස්සුත් හිටියේ නැද්ද ? "ඇය ඇසුවාය."නෑ නෑ ඒ කාලේ මේ අයගේ ආච්චිලගේ ආච්චිලගේ ආච්චිලත් නෑ..." "ඔන්න ඔය කාලේ අදට අවුරුදු හාරසීයකටත් වඩා ඈතයි". ඒක මේ ගග හිදිච්ච අගෝස්තු මාසයක්. ගගට එහා ඉවුරෙ පේන කන්දේ තිබුනා මහනුවරට යන්න පාරක් . කිව්වේ ගල්පඩිහෙළ කියල . "අර මීදුම තියන කන්දේ?? " දැරිය අසයි. "ඔව් ඔව් අගෝස්තු මාසෙට මීදුම නෑ ". දැරිය දෑස් වසා ගත්තාය . "අන්න හරි ඇස් වහගන්ඩ" . ඔයාට පේනවද මනුස්සයෙක් අස්සයෙක් පිටේ නැගල එනවා . ඔව් ඔයාට පේනවා අස්සයා එන්නේ අමාරුවෙන්. ගල්පඩි පැල්ලමක් බහින්න බෑ වේගෙන් අස්සයෙකුට. "ඒ අස්සයා කළුද ?" දැරිය තමාගේ හිනා රූපය හදමින් සිටියාය ."අන්න හරි කලුයි "....
Comments
Post a Comment